සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ රසායනාගාර සහායක පුරප්පාඩු (2026)
ශ්රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ ප්රාථමික ශ්රේණියේ අර්ධ ශිල්පීය සේවා ගණයේ III වන ශ්රේණියේ රසායනාගාර සහායක තනතුර සඳහා පවතින පුරප්පාඩු 20ක් පිරවීමට 2026 ඔක්තෝබර් 16 දිනැති අංක 2,511 දරන රජයේ ගැසට් පත්රය මඟින් සුදුසුකම් ලත් ශ්රී ලාංකිකයන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත. මෙම පුරප්පාඩු සංඛ්යාවෙන් 50% ක් විවෘත පදනමින් ද, ඉතිරි 50% සීමිත පදනමින් ද බඳවා ගැනීමට නියමිත ය.
මෙම රැකියාවට අදාළ රැකියා ආදර්ශ අයදුම්පත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට WhatsApp හරහා සම්බන්ධ වන්න.
(මුද්රණ සහ බෙදාහැරීමේ සේවා ගාස්තු අය කෙරේ)
WhatsApp හරහා අයදුම්පත ඇනවුම් කරන්නමෙම තනතුර ස්ථිර සහ විශ්රාම වැටුප් සහිත රජයේ පත්වීමකි. තේරී පත්වන නිලධාරීන් වැන්දඹු හා අනත්දරු විශ්රාම වැටුප් ක්රමයට දායක විය යුතු අතර, දිවයිනේ ඕනෑම ප්රදේශයක සේවය කිරීමට බැඳී සිටී.
- අධ්යාපන සුදුසුකම්: අ.පො.ස. (සාමාන්ය පෙළ) විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනක දී යටත් පිරිසෙයින් සම්මාන දෙකක් (02) සහිතව විෂයයන් හයක් (06) සමත් වී තිබීම.
- වෘත්තීය සුදුසුකම්: තෘතීය හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සභාව (TVEC) මඟින් පිළිගත් ආයතනයකින් ජාතික වෘත්තීය කුසලතාවන්හි (NVQ) 02 වන හෝ 03 වන මට්ටමට නොඅඩු රසායනාගාර කටයුතු පිළිබඳ ප්රවීණතා සහතිකයක් හිමිවීම.
- සේවා පළපුරුද්ද: පිළිගත් ආයතනයක රසායනාගාරයක අවම වශයෙන් වසර දෙකක (02) සේවා පළපුරුද්දක් ලබා තිබීම සහ එය සහතික මඟින් තහවුරු කළ හැකි වීම.
- වයස් සීමාව (විවෘත): 2026.11.13 දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුය.
- වයස් සීමාව (සීමිත): වයස් සීමාව අදාළ නොවේ (සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ ප්රාථමික ශිල්පීය නොවන තනතුරක වසර 05ක ස්ථිර සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය).
- විවෘත අයදුම්කරුවන්: පළමුව ලකුණු 100කින් සමන්විත ප්රායෝගික වෘත්තීය පරීක්ෂණයක් පවත්වනු ලැබේ (සමත් ලකුණු 40% කි). එම පරීක්ෂණය සමත් වන අයදුම්කරුවන් අතරින් පුරප්පාඩු මෙන් දෙගුණයක් ව්යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ. අවසානයේ වෘත්තීය පරීක්ෂණයේ හා සම්මුඛ පරීක්ෂණයේ ලකුණු එකතුව අනුව කුසලතා අනුපිළිවෙලින් පත්වීම් ලබා දේ.
- සීමිත අයදුම්කරුවන්: ලකුණු 100 කින් සමන්විත වෘත්තීය පරීක්ෂණයෙන් සමත් වන අයදුම්කරුවන් අතුරින් කුසලතා අනුපිළිවෙල මත බඳවා ගැනීම සිදු කෙරේ (ව්යුහගත සම්මුඛ පරීක්ෂණයක් නොපැවැත්වේ).
- අයදුම්පත ගැසට් පත්රයේ පළ කර ඇති ආදර්ශ ආකෘතියට අනුව පිළියෙල කළ යුතුය.
- අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 නොවැම්බර් මස 13 වන දින වේ.
- සම්පූර්ණ කළ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව,
තැ.පෙ. 13, ගැටඹේ,
පේරාදෙණිය.