Sri Lanka Emblem අලුත්ම රජයේ රැකියා තොරතුරු දිනපතා ලබාගන්න!

ගැසට් පත්‍ර සහ නවතම රැකියා ඇබෑර්තු නිකුත් වූ සැනින් දැනගැනීමට අපගේ නිල WhatsApp Channel එකට එක්වන්න.

👉 Join Our WhatsApp Channel

වයඹ සංවර්ධන අධිකාරියේ කාර්යාල කාර්ය සහායක Vacancy 2026 – Wayamba Development Authority


කාර්යාල කාර්ය සහායක ඇබෑර්තු 2026 - වයඹ සංවර්ධන අධිකාරිය

කාර්යාල කාර්ය සහායක (III ශ්‍රේණිය) බඳවා ගැනීම

වයඹ සංවර්ධන අධිකාරිය | රජයේ රැකියා ඇබෑර්තු 2026

ආයතනය වයඹ සංවර්ධන අධිකාරිය
තනතුර කාර්යාල කාර්ය සහායක (III ශ්‍රේණිය)
සේවා ස්වභාවය ස්ථිර (පුරප්පාඩු 01)
වැටුප් පරිමාණය PL 1: රු. 40,500 - 62,530/-
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026 නොවැම්බර් 06

01. මූලික සුදුසුකම්

  • පදිංචිය: වයඹ පළාතේ අවම වශයෙන් පසුගිය වසර 03 ක ස්ථිර පදිංචිය සනාථ කළ හැකි විය යුතුය (ග්‍රාම නිලධාරී සහතිකය අවශ්‍ය වේ).
  • අධ්‍යාපනික සුදුසුකම්: අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) විභාගයේදී වෛකල්පිත නොවන විෂයයන් දෙකක් (02) වත් සමත්ව තිබීම.
  • වයස් සීමාව: අයදුම්පත් භාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.
  • කායික/මානසික යෝග්‍යතාව: තනතුරේ කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය කායික, මානසික යෝග්‍යතාව සහ විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය.

02. බඳවා ගැනීමේ ක්‍රමය

මූලික සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණක් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් (Structured Interview) සඳහා කැඳවනු ලැබේ. සම්මුඛ පරීක්ෂණයේදී ලබාගන්නා කුසලතා ලකුණු අනුපිළිවෙල අනුව තේරීම් සිදු කෙරේ.

විශේෂ සටහන: මෙම තනතුර විශ්‍රාම වැටුප් හිමි නොවන අතර, සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල (ETF) සඳහා දායක වේ.

මෙම රැකියාවට අදාළ රැකියා ආදර්ශ අයදුම්පත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට WhatsApp හරහා සම්බන්ධ වන්න.

(මුද්‍රණ සහ බෙදාහැරීමේ සේවා ගාස්තු අය කෙරේ)

WhatsApp හරහා අයදුම්පත ඇනවුම් කරන්න

03. අයදුම්පත් යොමු කළ යුතු ආකාරය

  • A4 ප්‍රමාණයේ කඩදාසියක දෙපැත්තම උපයෝගී කරගනිමින්, නිවේදනයේ ඇති ආදර්ශ ආකෘතියට අනුව අපේක්ෂකයාගේම අත්අකුරින් අයදුම්පත සම්පූර්ණ කළ යුතුය.
  • අයදුම්පත සමඟ අධ්‍යාපන, වෘත්තීය සහ සේවා සහතිකවල සහතික කළ පිටපත් අමුණන්න.
  • අයදුම්කරුගේ අත්සන විදුහල්පති, ග්‍රාම නිලධාරී, සාමදාන විනිශ්චයකාර හෝ නීතිඥ ආදී බලයලත් නිලධාරියෙකු මගින් සහතික කරවා ගත යුතුය.
  • දැනට රජයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුතු අය තම ආයතන ප්‍රධානියා මඟින් අයදුම්පත් එවිය යුතුය.
  • ලිපි කවරයේ වම් පස ඉහළ කෙළවරේ "වයඹ සංවර්ධන අධිකාරියේ කාර්යාල කාර්ය සහායක තනතුර සඳහා බඳවා ගැනීම" ලෙස සඳහන් කළ යුතුය.
අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය:
අධ්‍යක්ෂ ජනරාල්,
වයඹ සංවර්ධන අධිකාරිය,
මගුරු ඔයවත්ත,
නව මල්කඩුවාව, බෝයගනේ.
වයඹ සංවර්ධන අධිකාරියේ කාර්යාල කාර්ය සහායක Vacancy 2026