Sri Lanka Emblem අලුත්ම රජයේ රැකියා තොරතුරු දිනපතා ලබාගන්න!

ගැසට් පත්‍ර සහ නවතම රැකියා ඇබෑර්තු නිකුත් වූ සැනින් දැනගැනීමට අපගේ නිල WhatsApp Channel එකට එක්වන්න.

👉 Join Our WhatsApp Channel

බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ රියදුරු බඳවා ගැනීම 2026

බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ රියදුරු බඳවා ගැනීම 2026
රියදුරු (III ශ්‍රේණිය) පුරප්පාඩු - බස්නාහිර පළාත් සභාව 2026
රැකියා ඇබෑර්තු 2026

රියදුරු තනතුර (III ශ්‍රේණිය) - බස්නාහිර පළාත් සභාව

බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යාංශය
දෙපාර්තමේන්තුව
පරිවාස හා ළමාරක්ෂක සේවා
පුරප්පාඩු සංඛ්‍යාව
තනතුරු 04
ආරම්භක මූලික වැටුප
රු. 41,209/-
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2026 නොවැම්බර් 06

මෙම රැකියාවට අදාළ රැකියා ආදර්ශ අයදුම්පත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට WhatsApp හරහා සම්බන්ධ වන්න.

(මුද්‍රණ සහ බෙදාහැරීමේ සේවා ගාස්තු අය කෙරේ)

WhatsApp හරහා අයදුම්පත ඇනවුම් කරන්න

අවශ්‍ය මූලික සුදුසුකම්

  • අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී සිංහල හෝ දෙමළ භාෂාව ඇතුළුව සම්මාන සාමාර්ථ 02ක් සහිතව විෂයයන් 06ක් සමත් වීම (එක් වරකදී අවම වශයෙන් විෂයයන් 05ක් සමත්ව තිබිය යුතුය).
  • රියදුරු බලපත්‍රය: තාර බර හොණ්ඩර 34 දක්වා වන සැහැල්ලු ලොරි සහ මගීන් 32 ට නොවැඩි බස් රථ සඳහා වන "A1" හා "C1" (හෝ නව "B" හා "D1") බලපත්‍රය හෝ ඊට ඉහළ බර වාහන/බස් රථ සඳහා වන නිපුණතා සහතිකය/බලපත්‍රය ("A" හෝ නව "D") ලබා තිබීම.
  • පළපුරුද්ද: රියදුරු බලපත්‍රය ලැබීමෙන් පසු අවම වශයෙන් වසර 03ක සනාථ කළ හැකි පළපුරුද්දක් තිබිය යුතුය.
  • දැනුම: මහා මාර්ග නීති සංග්‍රහය පිළිබඳව මනා දැනුමක් පැවතීම.
  • කායික සුදුසුකම්: අවම උස අඩි 5ක් විය යුතු අතර, දිවා/රාත්‍රී සේවයට සහ පළාතේ ඕනෑම ප්‍රදේශයක සේවයට සුදුසු යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හා මනා ඇස් පෙනීමක් තිබිය යුතුය.
  • පදිංචිය: අයදුම්පත් කැඳවන අවසන් දිනට පූර්වාසන්නව බස්නාහිර පළාත තුළ අඛණ්ඩව වසර 03ක ස්ථීර පදිංචිය (ග්‍රාම නිලධාරී සහතිකයෙන් තහවුරු කළ යුතුය).
  • වයස් සීමාව: 2026.11.06 දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුය (බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර නිලධාරීන්ට උපරිම වයස් සීමාව බලනොපායි).

වැටුප් පරිමාණය

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2025 උප ලේඛන II අනුව මාසික වැටුප් පරිමාණය:

රු. 42,780 - 10x490 - 10x540 - 10x590 - 12x630 - රු. 66,540
(2026 වර්ෂය සඳහා ආරම්භක මාසික වැටුප: රු. 41,209/-)

බඳවා ගැනීමේ ක්‍රමවේදය

මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් පසු සුදුසුකම්ලත් අයදුම්කරුවන් පහත පරිදි වන ප්‍රායෝගික වෘත්තීය පරීක්ෂණයකට යොමු කෙරේ:

පරීක්ෂණ විෂයය උපරිම ලකුණු සමත් ලකුණු
1. රිය පැදවීමේ නිපුණත්වය 40 20
2. මාර්ග නීති පිළිබඳ ප්‍රායෝගික දැනුම 40 20
3. මෝටර් යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ මූලික දැනුම 20 10

අයදුම් කළ යුතු ආකාරය

  • ආදර්ශ අයදුම්පතට අනුකූලව සකස් කර සිය අත් අකුරින්ම පැහැදිලිව සම්පූර්ණ කළ යුතුය.
  • අයදුම්කරුගේ අත්සන රජයේ පාසල් විදුහල්පතිවරයෙකු, සාමදාන විනිශ්චයකාරවරයෙකු, නීතිඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික නිලධාරියෙකු ලවා සහතික කරවා ගත යුතුය.
  • ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ "බස්නාහිර පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ රියදුරු තනතුර සදහා බදවා ගැනීම 2026" යනුවෙන් පැහැදිලිව සඳහන් කරන්න.
  • 2026 නොවැම්බර් 06 දිනට පෙර හෝ එදිනට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට යොමු කළ යුතුය.
යොමු කළ යුතු ලිපිනය:
ලේකම්,
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා,
කාන්තා කටයුතු හා සභා කටයුතු අමාත්‍යාංශය - බස්නාහිර පළාත,
8 වන මහළ, බස්නාහිර පළාත් සභා ගොඩනැඟිල්ල,
අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.