Sri Lanka Emblem අලුත්ම රජයේ රැකියා තොරතුරු දිනපතා ලබාගන්න!

ගැසට් පත්‍ර සහ නවතම රැකියා ඇබෑර්තු නිකුත් වූ සැනින් දැනගැනීමට අපගේ නිල WhatsApp Channel එකට එක්වන්න.

👉 Join Our WhatsApp Channel

කාර්යාල සහායක , රියදුරු තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) රැකියා ඇබෑර්තු

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) පවතින පුරප්පාඩු සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. තෝරාගනු ලබන නිලධාරීන් කොමිෂන් සභාවේ ඕනෑම අංශයක හෝ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සුදුසුකම් සපුරා තිබිය යුතුය.

ආයතනය TVEC
සේවා ස්වභාවය ස්ථිර (පරිවාස සහිත)
වයස් සීමාව අවු. 18 - 45
අවසන් දිනය 2026.10.15

පවතින පුරප්පාඩු සහ සුදුසුකම්

1. රියදුරු (Driver) වැටුප් කේතය: PL 3
  • අධ්‍යාපනික සුදුසුකම්: අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් සිංහල සහ ගණිතය ඇතුළුව විෂයන් හයකින් (06) දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් වී තිබීම.
  • ශිල්පීය නිපුණතා හා පළපුරුද්ද: මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරන ලද වලංගු සියලුම බර වාහන පැදවීමේ රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය. රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර 03 ක පළපුරුද්දක් තිබීම අනිවාර්ය වේ.
  • වෙනත් සුදුසුකම්: මෝටර් රථ කාර්මික විෂය පිළිබඳ සාමාන්‍ය දැනුම, මනා ඇස් පෙනීම සහ අවම ශාරීරික උස අඩි 5 අඟල් 2 ක් තිබිය යුතුය.
  • අභ්‍යන්තර අයදුම්කරුවන්: ඉහත සඳහන් රියදුරු බලපත්‍රය හා පළපුරුද්ද සහිත ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයන්හි සේවකයින්ට අයදුම් කළ හැකිය.
  • බඳවා ගැනීමේ ක්‍රමය: ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක සහ වෘත්තීය ප්‍රවීණතා තහවුරු කර ගැනීමේ පරීක්ෂණයක ප්‍රතිඵල මත බඳවා ගනු ලැබේ.

💰 වැටුප් පරිමාණය: රු. 43,280 - 10x490 - 10x540 - 10x590 - 12x630 - රු. 67,040/-
(කළමනාකරණ සේවා අංක 01/2025 චක්‍රලේඛයට අනුව මෙම වැටුප 2027.01.01 දින සිට අදාළ වන අතර, 2026.01.01 දිනට ගෙවන වැටුප රු. 40,834 කි)

👤 වයස් සීමාව: අවුරුදු 18 ට වැඩි සහ අවුරුදු 45 ට අඩු විය යුතුය. (අභ්‍යන්තර අයදුම්කරුවන්ට උපරිම වයස් සීමාව අදාළ නොවේ)

2. කාර්යාල සහායක (Office Assistant) වැටුප් කේතය: PL 1
  • අධ්‍යාපනික සුදුසුකම් (බාහිර අයදුම්කරුවන්): අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් භාෂාව හා ගණිතය ඇතුළුව විෂයන් හයකින් දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් වී සිටිය යුතුය.
  • බඳවා ගැනීමේ ක්‍රමය: පත්වීම් බලධාරියා විසින් පත් කරනු ලබන මණ්ඩලයක් මඟින් පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මඟින් තෝරා ගැනේ.

💰 වැටුප් පරිමාණය: රු. 40,500 - 450x10 - 490x10 - 540x7 - 590x15 - රු. 62,530/-
(කළමනාකරණ සේවා අංක 01/2025 චක්‍රලේඛයට අනුව මෙම වැටුප 2027.01.01 දින සිට අදාළ වන අතර, 2026.01.01 දිනට ගෙවන වැටුප රු. 38,488 කි)

👤 වයස් සීමාව: අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

මෙම රැකියාවට අදාළ ආදර්ශ අයදුම්පත ඔබගේ නිවසටම ගෙන්වා ගන්න

⚠️ මුද්‍රණ සහ බෙදාහැරීමේ සේවා ගාස්තු (Printing & Delivery Charges) අය කෙරේ

(මුද්‍රිත ආදර්ශ අයදුම්පත්‍රය ලියාපදිංචි තැපැල් මඟින් ඔබේ ලිපිනයටම එවනු ලැබේ)

💬 WhatsApp හරහා අයදුම්පත ඇනවුම් කරන්න

පොදු සුදුසුකම් හා කොන්දේසි

  • සෑම අයදුම්කරුවෙකුම ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
  • තනතුරට පැවරෙන කාර්යයන් මනාව ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට අවශ්‍ය කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය.
  • විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය.
  • සේවක අර්ථසාධක අරමුදල (EPF) සඳහා වැටුපෙන් 8% ක් අය කෙරෙන අතර, ආයතනය මඟින් 12% ක් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට (ETF) 3% ක් ගෙවනු ලැබේ.
  • මූලික වැටුපට අමතරව රජයේ අනුමත අනෙකුත් දීමනා හිමි වේ.
  • පත්වීම ස්ථිර වන අතර පරිවාස කාලයකට යටත් වේ.

අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය

  • තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළ කර ඇති ආකෘතිය අනුව සකස් කරන ලද අයදුම්පත සහතික කරන ලද ලියකියවිලි පිටපත් සමඟ 2026.10.15 දිනට හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.
  • ලිපි කවරයේ ඉහළ වම් කෙළවරේ "අයදුම් කරන තනතුර" පැහැදිලිව සඳහන් කළ යුතුය.
  • දැනට රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් සිය අයදුම්පත් ආයතන ප්‍රධානියා මඟින් යොමු කළ යුතු අතර, සේවයෙන් නිදහස් කිරීමට එකඟ වන්නේද යන්න සඳහන් කර තිබිය යුතුය.
  • අපැහැදිලි, අසම්පූර්ණ හෝ ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් කිසිදු දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

📮 අයදුම්පත් එවිය යුතු ලිපිනය:

අධ්‍‍‍‍යක්ෂ ජනරාල්,
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC),
"නිපුණතා පියස", 03 වන මහල,
354/2, ඇල්විටිගල මාවත, කොළඹ 05.