Sri Lanka Emblem අලුත්ම රජයේ රැකියා තොරතුරු දිනපතා ලබාගන්න!

ගැසට් පත්‍ර සහ නවතම රැකියා ඇබෑර්තු නිකුත් වූ සැනින් දැනගැනීමට අපගේ නිල WhatsApp Channel එකට එක්වන්න.

👉 Join Our WhatsApp Channel

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කම්කරු (III ශ්‍රේණිය) පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවේ වයස අවුරුදු 18 ත් 45 ත් අතර

North Central Province Probation Department Laborer job vacancies 2026

උතුරු මැද පළාත් සභාව යටතේ ක්‍රියාත්මක පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ කම්කරු පවතින පුරප්පාඩු සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත. මෙම තනතුර ස්ථිර සහ විශ්‍රාම වැටුප් සහිත සේවාවකි.

ආයතනය පරිවාස දෙපාර්තමේන්තුව
සේවා ස්වභාවය ස්ථිර / විශ්‍රාම වැටුප්
තනතුර කම්කරු (PL 1)
අවසන් දිනය 2026.10.15

වැටුප් විස්තර

වැටුප් තලය: PL 1 - 10/2025

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2025 II උපලේඛනය අනුව හිමිවන වැටුප් පරිමාණය:
රු. 40,000 - 450x10 - 490x10 - 540x10 - 590x12 - රුපියල් 61,880/-

අවශ්‍ය සුදුසුකම්

  • අධ්‍යාපන සුදුසුකම්: අයදුම්කරු 8 වන ශ්‍රේණිය සමත්ව සිටිය යුතුය.
  • වයස් සීමාව: අයදුම්පත් භාරගන්නා අවසන් දිනට (2026.10.15) වයස අවුරුදු 18 ත් 45 ත් අතර විය යුතුය.
  • පදිංචිය: උතුරු මැද පළාත තුළ වසර තුනක (03) ස්ථිර පදිංචියක් තිබීම අනිවාර්ය වන අතර එය ඡන්ද හිමි නාමලේඛනයෙන් තහවුරු කළ යුතුය.
  • විශේෂ සුදුසුකම්: අදාළ ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකම් හෝ පළපුරුද්දක් ඇත්නම් එය විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
  • කායික යෝග්‍යතාව: පළාතේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට තරම් ප්‍රමාණවත් කායික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.

බඳවා ගැනීමේ ක්‍රමය

සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකට කැඳවා එහිදී ලබාගන්නා ලකුණු කුසලතාව අනුව තෝරා ගැනේ.

ලකුණු 100 බෙදී යන ආකාරය:

  • අතිරේක අධ්‍යාපන සුදුසුකම් සඳහා : ලකුණු 30
  • ක්ෂේත්‍රයේ පළපුරුද්ද සඳහා : ලකුණු 50
  • රජයේ හෝ පිළිගත් ආයතනයක පාඨමාලා/පුහුණු සඳහා : ලකුණු 15
  • සම්මුඛ පරීක්ෂණයේ කුසලතාව සඳහා : ලකුණු 05

මෙම රැකියාවට අදාළ ආදර්ශ අයදුම්පත ඔබගේ නිවසටම ගෙන්වා ගන්න

⚠️ මුද්‍රණ සහ බෙදාහැරීමේ සේවා ගාස්තු (Printing & Delivery Charges) අය කෙරේ

(මුද්‍රිත ආදර්ශ අයදුම්පත්‍රය ලියාපදිංචි තැපැල් මඟින් ඔබේ ලිපිනයටම එවනු ලැබේ)

💬 WhatsApp හරහා අයදුම්පත ඇනවුම් කරන්න

අයදුම් කළ යුතු ආකාරය

  • සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2026.10.15 දිනට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
  • අයදුම්පත් බහාලන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ "උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ කම්කරු තනතුරට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය - 2026" ලෙස සඳහන් කළ යුතුය.

📮 අයදුම්පත් එවිය යුතු ලිපිනය:

ලේකම්,
උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය,
3 වන මහල, උතුරු මැද පළාත් සභාව, අනුරාධපුර.

(සම්පූර්ණ නිල ගැසට් / පුවත්පත් දැන්වීම් පහතින් බලන්න)