කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව
National Commission on Women - Recruitment Notice
01. අධ්යක්ෂ - නීති
අවශ්ය සුදුසුකම්:
• නීතිඥවරයකු වීම.
• විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව (UGC) මඟින් පිළිගත් නීතිය, මානව හිමිකම්, කාන්තා අයිතිවාසිකම්, ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ උපාධියක් හෝ සමාජ විද්යා, රාජ්ය ප්රතිපත්ති හෝ අදාළ ක්ෂේත්රයක වෙනත් පශ්චාත් උපාධි සුදුසුකමක් ලබා තිබීම.
• නීති ක්ෂේත්රයේ හෝ ජ්යෙෂ්ඨ / කළමනාකරණ තනතුරක අවම වශයෙන් වසර 13 ක පළපුරුද්ද (ප්රශස්තය).
02. සහකාර අධ්යක්ෂ - නීති
අවශ්ය සුදුසුකම්:
• ශ්රී ලංකා ශ්රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී තිබීම.
• තනතුරට අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර තුනක (03) පළපුරුද්දක් හිමිවීම.
මෙම රැකියා සදහා අදාළ ආදර්ශ අයදුම්පත් ඔබගේ නිවසටම ගෙන්වා ගන්න
(මුද්රිත ආදර්ශ අයදුම්පත්රය ඔබගේ ලිපිනයටම තැපැල් මඟින් ලබාගත හැක)
💬 WhatsApp හරහා අයදුම්පත ඇනවුම් කරන්න03. සහකාර අධ්යක්ෂ - පරිපාලන
අවශ්ය සුදුසුකම්:
• UGC පිළිගත් ව්යාපාර පරිපාලනය, මානව සම්පත් කළමනාකරණය, රාජ්ය පරිපාලනය, රාජ්ය කළමනාකරණය හෝ අදාළ විෂයයකින් වෙනත් උපාධියක් ලබා තිබීම.
• උපාධිය ලබා ගැනීමෙන් පසු තනතුරට අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 01 ක පළපුරුද්දක් ලබා තිබීම.
04. සහකාර අධ්යක්ෂ - මූල්ය
අවශ්ය සුදුසුකම්:
• UGC පිළිගත් ගිණුම්කරණය, මූල්ය, වාණිජ්ය හෝ අදාළ ක්ෂේත්රයක උපාධියක් සහ ප්රථම උපාධියෙන් පසු අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 01 ක පළපුරුද්දක් තිබීම;
හෝ
• තනතුරෙහි විෂය ක්ෂේත්රයට අදාළව පිළිගත් වෘත්තීය ආයතනයක පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහතිකයක් සහ ඉන්පසු ලබාගත් වසර 01 ක පළපුරුද්දක් තිබීම.
05. සහකාර අධ්යක්ෂ - පර්යේෂණ හා සංවර්ධන
අවශ්ය සුදුසුකම්:
• UGC පිළිගත් රාජ්ය පරිපාලනය, රාජ්ය කළමනාකරණය, ව්යාපාර පරිපාලනය හෝ අදාළ විෂය ක්ෂේත්රයක උපාධියක් ලබා තිබීම.
• ප්රථම උපාධිය ලබා ගැනීමෙන් පසු අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර තුනක (03) පළපුරුද්දක් ලබා තිබීම.
06. අභ්යන්තර විගණක
අවශ්ය සුදුසුකම්:
• UGC පිළිගත් ගිණුම්කරණය, මූල්ය, වාණිජ්ය හෝ අදාළ විෂයයකින් උපාධියක් සහ ඉන්පසු ලබාගත් අවම වසර 01 ක පළපුරුද්දක් තිබීම;
හෝ
• තනතුරෙහි ක්ෂේත්රයට අදාළ පිළිගත් වෘත්තීය ආයතනයක පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ ඉන්පසු ලබාගත් වසර 01 ක පළපුරුද්දක් තිබීම.
07. පරිපාලන නිලධාරී
අවශ්ය සුදුසුකම්:
• විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් පිළිගත් මානව සම්පත් කළමනාකරණය, රාජ්ය පරිපාලනය, රාජ්ය කළමනාකරණය හෝ තනතුරට අදාළ විෂයයකින් උපාධියක් ලබා තිබීම.
08. සංවර්ධන නිලධාරී
අවශ්ය සුදුසුකම්:
• UGC පිළිගත් ව්යාපාර පරිපාලනය, මානව සම්පත් කළමනාකරණය, ගිණුම්කරණය, මූල්ය කළමනාකරණය, වාණිජ්ය, නීතිය, සමාජ විද්යා හෝ තනතුරට අදාළ විෂය ක්ෂේත්රයකින් උපාධියක් ලබා තිබීම.
09. කළමනාකරණ සහකාර (තාක්ෂණික නොවන)
අවශ්ය සුදුසුකම්:
• අ.පො.ස. (සා/පෙළ) විභාගය සිංහල/දෙමළ, ඉංග්රීසි භාෂාව සහ ගණිතය ඇතුළුව සම්මාන 04 ක් සහිතව එකවර විෂයන් හයකින් (06) සමත්වීම.
• අ.පො.ස. (උසස් පෙළ) විභාගයේදී (සාමාන්ය පොදු පරීක්ෂණ ප්රශ්න පත්රය හැර) විෂයන් තුනක් (03) සමත්ව තිබීම.
10. රියදුරු
අවශ්ය සුදුසුකම්:
• උපරිම වශයෙන් දෙවරකදී පෙනී සිට අවම වශයෙන් විෂයන් 02 කට සම්මාන සහිතව අ.පො.ස. (සා/පෙළ) විභාගය විෂයන් හයකින් (06) සමත්වීම.
• බර වාහන පැදවීම සඳහා මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරන ලද වලංගු රියදුරු බලපත්රයක් හිමිවීම.
• රියදුරු බලපත්රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර තුනක (03) පළපුරුද්දක් තිබීම.
11. කාර්යාල සහකාර
අවශ්ය සුදුසුකම්:
• අ.පො.ස. (සා/පෙළ) විභාගයට පෙනී සිට තිබීම.
💵 වැටුප්, දීමනා සහ අමතර තොරතුරු
- චක්රලේඛ අනුමැතිය: මෙම වැටුප් පරිමාණයන් 2025.03.25 දිනැති කළමනාකරණ සේවා චක්රලේඛ අංක 01/2025 අනුව සකස් කර ඇති අතර 2027.01.01 දින සිට පූර්ණ වශයෙන් බලාත්මක වේ.
- ජීවන වියදම් දීමනා: මූලික වැටුපට අමතරව රජය විසින් අනුමත කරන ලද ජීවන වියදම් දීමනා හිමිවේ.
- EPF & ETF ප්රතිලාභ: විශ්රාම වැටුප් ක්රමයක් නොමැති අතර, සේවක අර්ථසාධක අරමුදල (EPF) වෙනුවෙන් 12% ක් සහ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල (ETF) වෙනුවෙන් 3% ක සේවායෝජක දායකත්වයක් කොමිෂන් සභාව මඟින් සපයනු ලැබේ.
📌 අයදුම්පත් යොමු කිරීමේ ක්රමවේදය
- පුවත්පත් දැන්වීමේ පළ කර ඇති ආදර්ශ අයදුම්පතට අනුව සකස් කළ අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කරන්න.
- අයදුම්පත බහාලන කවරයේ ඉහළ වම් කෙළවරේ අයදුම් කරන තනතුරේ නම පැහැදිලිව සඳහන් කරන්න.
- සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2026 ඔක්තෝබර් 27 වන දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන සේ යොමු කරන්න.
