අධිකරණ අමාත්යාංශය යටතේ 2024 අංක 01 දරන පනත මඟින් පිහිටුවන ලද ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලය (ONUR) මඟින් පවතින පුරප්පාඩු රැසක් සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත. (සියලුම වැටුප් පරිමාණයන් 2025.03.25 දිනැති කළමනාකරණ සේවා චක්රලේඛ අංක 01/2025 අනුව යාවත්කාලීන කර ඇත).
ආයතනය
ONUR
සේවා ස්වභාවය
ස්ථිර (EPF / ETF)
තෝරා ගැනීමේ ක්රමය
ව්යුහගත සම්මුඛ පරීක්ෂණ
අවසන් දිනය
2026 ඔක්තෝබර් 12
පවතින පුරප්පාඩු සහ සුදුසුකම් (ශ්රේණි අනුව)
📁 ප්රාථමික සේවා මට්ටම (Primary Level)
PL 1 / PL 3
1. කාර්යාල කාර්ය සහායක (KKS)
කේතය: PL 1
🎓 සුදුසුකම්: අ.පො.ස. (සාමාන්ය පෙළ) විභාගයට පෙනී සිට තිබීම ප්රමාණවත් වේ.
💰 වැටුප් පරිමාණය: රු. 40,500 - 10x450 - 10x490 - 7x540 - 15x590 - 62,530/-
👤 වයස් සීමාව: අවුරුදු 18 – 45 අතර
2. රියදුරු (Driver)
කේතය: PL 3
🎓 සුදුසුකම්: සා.පෙ. විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්මාන 02ක් සහිතව විෂයයන් 06ක් සමත් වීම + වලංගු බර වාහන රියදුරු බලපත්රය සහ වසර 03ක පළපුරුද්ද.
💰 වැටුප් පරිමාණය: රු. 43,280 - 10x490 - 10x540 - 10x590 - 12x630 - 67,040/-
👤 වයස් සීමාව: අවුරුදු 18 – 45 අතර
මෙම රැකියාවට අදාළ ආදර්ශ අයදුම්පත ඔබගේ නිවසටම ගෙන්වා ගන්න
⚠️ මුද්රණ සහ බෙදාහැරීමේ සේවා ගාස්තු (Printing & Delivery Charges) අය කෙරේ
(මුද්රිත ආදර්ශ අයදුම්පත්රය ඔබගේ ලිපිනයටම තැපැල් මඟින් ලබාගත හැක)
💬 WhatsApp හරහා අයදුම්පත ඇනවුම් කරන්න
📁 කළමනාකරණ සහකාර / ක්ෂේත්ර නිලධාරී ශ්රේණිය
MA 1-1 / MA 3
3. කළමනාකරණ සහකාර (තාක්ෂණික නොවන)
කේතය: MA 1-1
කාර්යභාරය: ලේඛන කළමනාකරණය, සාමාන්ය පරිපාලන, මානව සම්පත්, මූල්ය හා ගිණුම් කටයුතු සහ ගබඩා පාලනය.
🎓 සුදුසුකම්:
- සා.පෙ. විභාගයෙන් සිංහල/දෙමළ, ගණිතය සහ ඉංග්රීසි ඇතුළුව සම්මාන 04ක් සහිතව එකවර විෂයයන් 06ක් සමත් වීම.
- උ.පෙ. විභාගයෙන් විෂයයන් 03ක් සමත් වීම.
- පරිගණක යෙදුම් භාවිතය පිළිබඳ මාස 03කට නොඅඩු පිළිගත් පාඨමාලාවක් සමත් වීම.
💰 වැටුප් පරිමාණය: රු. 46,220 - 10x540 - 7x630 - 4x890 - 20x1,190 - 83,390/-
👤 වයස් සීමාව: අවුරුදු 18 – 45 අතර
4. සංවර්ධන නිලධාරී (Development Officer)
කේතය: MA 3
කාර්යභාරය: පරිපාලන සහාය, වැඩසටහන් ගෙවීම් වවුචර් සැකසීම, දිස්ත්රික්/ප්රාදේශීය නිලධාරීන් සම්බන්ධීකරණය.
🎓 සුදුසුකම්: රාජ්ය පරිපාලනය / සාමය හා ගැටුම් නිරාකරණය / මානව සම්පත් / නීතිය / සමාජ විද්යාව / ව්යාපාර පරිපාලනය / IT / වාණිජ්ය / මූල්ය කළමනාකරණය / ජාත්යන්තර සබඳතා පිළිබඳ UGC පිළිගත් උපාධියක්.
💰 වැටුප් පරිමාණය: රු. 53,940 - 10x800 - 11x1,190 - 10x1,320 - 5x1,350 - 94,980/-
👤 වයස් සීමාව: අවුරුදු 22 – 45 අතර
📁 කනිෂ්ඨ කළමනාකරණ ශ්රේණිය (Junior Management)
JM 1-1
පවතින තනතුරු 03:
5. ගිණුම් නිලධාරී
6. අභ්යන්තර විගණන නිලධාරී
7. පරිපාලන නිලධාරී
🎓 අවශ්ය සුදුසුකම් : අදාළ ක්ෂේත්රයට (ගිණුම්කරණ / වාණිජ්ය / රාජ්ය පරිපාලන / මානව සම්පත්) අදාළ උපාධියක් හෝ පිළිගත් වරලත් වෘත්තීය ආයතනයක අන්තර් මධ්යම (Intermediate) විභාගය සමත් වීම.
💰 වැටුප් පරිමාණය : රු. 72,650 - 10x1,360 - 18x2,040 - 122,970/-
👤 වයස් සීමාව : අවුරුදු 22 – 45 අතර.
📁 කළමනාකරණ ශ්රේණිය (Middle Management)
MM 1-1
8. අධ්යක්ෂ මණ්ඩල ලේකම් (Board Secretary)
ශ්රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී වසරක (01) පළපුරුද්ද හෝ රාජ්ය පරිපාලන / කළමනාකරණ / නීති උපාධිය සමඟ වසරක පළපුරුද්ද.
9. නියෝජ්ය / සහකාර අධ්යක්ෂ (Deputy / Assistant Director)
අදාළ ක්ෂේත්ර: ප්රතිපත්ති සංවර්ධන, සහජීවන ප්රතිසංධාන, මාධ්ය හා මහජන සම්බන්ධතා, අධ්යාපන හා පර්යේෂණ, IT/ඩිජිටල්, මූල්ය හා පරිපාලන.
UGC පිළිගත් මූලික උපාධිය සහ අදාළ ක්ෂේත්රයේ වසරක (01) පළපුරුද්ද.
💰 වැටුප් පරිමාණය: රු. 91,690 - 10x2,480 - 15x3,450 - 168,240/- | වයස: අවු. 22 – 45 (අභ්යන්තර අයට උපරිම වයස බල නොපායි)
📁 ජ්යෙෂ්ඨ කළමනාකරණ ශ්රේණිය (Senior Management)
HM 1-1
10. අධ්යක්ෂ (Director)
- අධ්යක්ෂ (වැඩසටහන්): සමාජ විද්යා/නීතිය/ජාත්යන්තර සබඳතා උපාධිය සහ පශ්චාත් උපාධිය (Masters) සමඟ කළමනාකාර මට්ටමේ වසර 12 ක පළපුරුද්ද.
- අධ්යක්ෂ (සැලසුම්): පරිපාලන/කළමනාකරණ උපාධිය සහ Masters සමඟ වසර 12 ක කළමනාකාර පළපුරුද්ද.
- අධ්යක්ෂ (මූල්ය සහ පරිපාලන): මූල්ය/වාණිජ්ය උපාධිය සහ Masters (හෝ වරලත් පූර්ණ සාමාජිකත්වය) සමඟ වසර 12 ක කළමනාකාර පළපුරුද්ද.
💰 වැටුප් පරිමාණය: රු. 140,640 - 15x4,100 - 202,140/- | 👤 වයස් සීමාව: අවුරුදු 35 – 55 අතර
අයදුම්පත් යොමු කළ යුතු ආකාරය
- සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම්පත්රය සහ අධ්යාපනික, වෘත්තීය සහතිකවල පිටපත් 2026 ඔක්තෝබර් 12 දිනට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.
- ලිපිකවරයේ ඉහළ වම් කෙළවරේ "අයදුම් කරන තනතුර සහ ඊට අදාළ යොමු අංකය" පැහැදිලිව සඳහන් කරන්න.
- සියලුම පත්වීම් ස්ථිර වන අතර EPF / ETF ප්රතිලාභ හිමිවේ.
📮 අයදුම්පත් එවිය යුතු ලිපිනය:
සභාපති,
ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලය (ONUR),
අංක 40, බුත්ගමුව පාර, රාජගිරිය.
(සම්පූර්ණ නිල පුවත්පත් දැන්වීම පහතින් බලන්න)