දුම්කොළ හා මද්යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) නීති නිලධාරී සහ උපදේශක තනතුරු සඳහා අයදුම්පත් කැඳවේ. සුදුසුකම්, වැටුප් සහ අයදුම් කිරීමේ සම්පූර්ණ විස්තර මෙතැනින් දැනගන්න. (අවසන් දිනය: 2026 සැප්තැම්බර් 30)
දුම්කොළ හා මද්යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) නව රැකියා ඇබෑර්තු - 2026
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන දුම්කොළ හා මද්යසාර පිළිබඳ ජාතික අධිකාරිය (National Authority on Tobacco and Alcohol) මඟින් පුරප්පාඩුව පවතින විධායක මට්ටමේ තනතුරු සඳහා සුදුසුකම්ලත් ශ්රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
මෙම පත්වීම් වසරක කොන්ත්රාත් පදනම මත සිදු කෙරෙන අතර EPF සහ ETF ප්රතිලාභ හිමිවේ.
1. නීති නිලධාරී (Legal Officer - MM 1-1)
පුරප්පාඩු සංඛ්යාව: 01
සේවා පදනම: වසර 01 ක කොන්ත්රාත් පදනම (EPF & ETF සහිතයි)
අධ්යාපනික සහ වෘත්තීය සුදුසුකම්:
ශ්රී ලංකා ශ්රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු (Attorney-at-Law) ලෙස දිවුරුම් දී තිබීම.
නීතිඥවරයෙකු ලෙස සුදුසුකම් ලැබීමෙන් පසු අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර තුනක (03) සේවා පළපුරුද්දක් පැවතීම.
වයස් සීමාව: අවුරුදු 22 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.
මාසික වැටුප: රු. 99,510.00 (කළමනාකරණ සේවා චක්රලේඛ අංක 01/2025 අනුව)
2. උපදේශක (Counselors)
පුරප්පාඩු සංඛ්යාව: 01
සේවා පදනම: වසර 01 ක කොන්ත්රාත් පදනම (EPF & ETF සහිතයි)
අධ්යාපනික සහ වෘත්තීය සුදුසුකම්:
විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව (UGC) මඟින් පිළිගත් මනෝවිද්යාව පිළිබඳ විශේෂ උපාධියක් (Special Degree in Psychology) හෝ
උපාධියක් සමඟ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාවක් (Diploma in Counseling) හෝ
මනෝවිද්යාව සහ උපදේශනය හැදෑරූ විෂයයන් ලෙස ඇතුළත් උපාධියක් (Bachelor's Degree).
සහ පළමු උපාධිය ලබා ගැනීමෙන් පසුව අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසරක (01) සේවා පළපුරුද්දක් තිබිය යුතුය.
වයස් සීමාව: අවුරුදු 22 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.
මාසික වැටුප: රු. 67,631.00 (කළමනාකරණ සේවා චක්රලේඛ අංක 01/2025 අනුව)
අයදුම් කළ යුතු ආකාරය
අයදුම්පත් NATA නිල වෙබ් අඩවියෙන් Official Website
ලබාගත හැකි අතර, පළමුව මාර්ගගතව (Online Application) සම්පූර්ණ කළ යුතුය.https://nata.gov.lk/index.php/en/vacancies මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කිරීමෙන් පසු එහි පහළින් ලබා දී ඇති සබැඳියෙන් (link) අයදුම්පත බාගත (Download) කර මුද්රණය කරගත යුතුය.
සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ අධ්යාපන, වෘත්තීය සහ සේවා පළපුරුද්ද තහවුරු කරන සහතිකපත්වල ඡායා පිටපත් අමුණා ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.
අයදුම්පත් බහාලන ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ තමන් අයදුම් කරන තනතුර පැහැදිලිව සටහන් කළ යුතුය.
දැනට රාජ්ය දෙපාර්තමේන්තු, රාජ්ය සංස්ථා හෝ ව්යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු අයදුම්කරුවන් තම ආයතන ප්රධානියා මඟින් අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය සහ යොමු කළ යුතු ලිපිනය
අවසන් දිනය: 2026 සැප්තැම්බර් 30 වන දිනට පෙර
ලිපිනය: සභාපති, දුම්කොළ හා මද්යසාර පිළිබඳ ජාතික අධිකාරිය, 11 වන මහල, A අංශය, සෙත්සිරිපාය 2 වන අදියර, බත්තරමුල්ල.
දුරකථන අංකය: 011 2187140

