Sri Lanka Emblem අලුත්ම රජයේ රැකියා තොරතුරු දිනපතා ලබාගන්න!

ගැසට් පත්‍ර සහ නවතම රැකියා ඇබෑර්තු නිකුත් වූ සැනින් දැනගැනීමට අපගේ නිල WhatsApp Channel එකට එක්වන්න.

👉 Join Our WhatsApp Channel

සාත්තු සේවිකා III ශ්‍රේණියේ තනතුර | මධ්‍යම පළාත් සමාජ සුභසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වැටුප් පරිමාණය 78,360.00 | Department of Social Welfare, Probation and Child Care Services (Central Province)

Department of Social Welfare, Probation and Child Care Services (Central Province)


රැකියා ඇබෑර්තු නිවේදනය: මධ්‍යම පළාත් සභාව යටතේ සාත්තු සේවිකා (III ශ්‍රේණිය)

මධ්‍යම පළාත් සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ බෝවත්ත බංගලාව වැඩිහිටි නිවාසය සඳහා කළමනාකරණ සහකාර තාක්ෂණ නොවන ඛණ්ඩ 2 සේවා ගණයේ "සාත්තු සේවිකා III ශ්‍රේණිය" තනතුරට කාන්තා අයදුම්කාරියන්ගෙන් අයදුම්පත් කැඳවේ.


මූලික තොරතුරු

  • තනතුර: සාත්තු සේවිකා (III ශ්‍රේණිය)

  • සේවා ස්ථානය: බෝවත්ත බංගලාව වැඩිහිටි නිවාසය

  • පුරප්පාඩු සංඛ්‍යාව: 02 (ස්ථිර හා විශ්‍රාම වැටුප් සහිතයි)

  • අයදුම් කළ හැක්කේ: කාන්තාවන්ට පමණි

  • වයස් සීමාව: 2026.01.27 දිනට අවුරුදු 18 ත් 30 ත් අතර

  • වැටුප් පරිමාණය: රු. 45,230 – 10x540 – 11x630 – 10x890 – 10x1190 – 78,360.00 (MN 01-2025)


සුදුසුකම්

  • පදිංචිය: මධ්‍යම පළාත් සභා බලප්‍රදේශය තුළ අවසන් වසර 03 ක කාලය තුළ ස්ථිර පදිංචිය තහවුරු කළ හැකි විය යුතුය.

  • අධ්‍යාපන සුදුසුකම්:

    • අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් සිංහල/දෙමළ/ඉංග්‍රීසි, ගණිතය සහ තවත් විෂයයන් දෙකකට සම්මාන (C) සාමාර්ථ්‍ය සහිතව එකවර විෂයයන් 06 කින් සමත් වීම.

    • අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් සාමාන්‍ය පොදු පරීක්ෂණය හා සාමාන්‍ය ඉංග්‍රීසි හැර අවම වශයෙන් එක් විෂයකින් සමත් වීම.

  • වෘත්තීය සුදුසුකම්:

    • ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය, තෘතීයික හා වෘත්තීය කොමිෂන් සභාව (TVEC) හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිළිගත් ආයතනයකින් සාත්තු සේවය පිළිබඳ හදාරන ලද වසරක (01) පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම. (ක්ෂේත්‍රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි).

බඳවා ගැනීමේ ක්‍රමය

  • ලිඛිත විභාගය:

    1. අභියෝග්‍යතා පරීක්ෂණය හා සාමාන්‍ය දැනීම

    2. සාත්තු සේවය පිළිබඳ දැනුම (සමත් වීමට එක් විෂයකට අවම ලකුණු 40 ක් අවශ්‍ය වේ).

  • වෘත්තීය/ප්‍රායෝගික පරීක්ෂණය: ලිඛිත පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබා ගන්නා අයදුම්කරුවන්ට පැය 01 ක ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වනු ලැබේ (සමත් ලකුණු 40).

  • සම්මුඛ පරීක්ෂණය: සුදුසුකම් සනාථ කර ගැනීම සඳහා සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වේ.

අයදුම්පත් යොමු කිරීම

  • ආදර්ශ අයදුම්පත් ආකෘතියට අනුව සකස් කරන ලද අයදුම්පත සම්පූර්ණ කර 2026.10.02 දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

  • ලිපිනය: ලේකම්, තැ.පෙ. 121, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය, සංඝරාජ මාවත, මහනුවර.

  • විශේෂ සටහන: අයදුම්පත බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරේ "බෝවත්ත බංගලාව වැඩිහිටි නිවාසය සඳහා අනුමත කළමනාකරණ සහකාර තාක්ෂණ නොවන ඛණ්ඩ 2 සේවා ගණයේ සාත්තු සේවිකා III ශ්‍රේණිය සඳහා තෝරා ගැනීමට අදාල අයදුම්පත් කැඳවීම" යනුවෙන් පැහැදිලිව සඳහන් කළ යුතුය.