ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම
ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා සුදුසුකම්ලත් ශ්රී ලාංකික පුරවැසියන්ගෙන් විවෘත පදනමින් අයදුම්පත් කැඳවනු ලැබේ.
01. ප්රාථමික ශිල්පීය නොවන සේවා ගණය (III ශ්රේණිය) [PL-01]
| අධ්යාපන සුදුසුකම් | අ.පො.ස. (සාමාන්ය පෙළ) විභාගයේ දී දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්මාන 02ක් සහිතව විෂයයන් 06ක් සමත් වීම. |
|---|---|
| වෘත්තීය සුදුසුකම් | ව්යුහගත සම්මුඛ පරීක්ෂණයක් මඟින් තෝරා ගැනේ. (ක්ෂේත්රය සම්බන්ධයෙන් ලබා ඇති වෘත්තීය සුදුසුකම් අමතර සුදුසුකමක් ලෙස සැලකේ.) |
| වයස් සීමාව | අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුය. |
| වැටුප් පරිමාණය |
රු. 40,000 - 10×450 - 10×490 - 10×540 - 12×590 - රු. 61,880/- (2027.01.01 දින සිට රාජ්ය පරිපාලන චක්රලේඛ අංක 10/2025 අනුව ගෙවීම් සිදු කෙරේ. එතෙක් උපලේඛන III අනුව වැටුප් ගණනය කෙරේ.) |
| බඳවා ගැනීමේ ක්රමය | ව්යුහගත පරීක්ෂණයක් මඟින්. |
මෙම රැකියාවට අදාළ රැකියා ආදර්ශ අයදුම්පත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට WhatsApp හරහා සම්බන්ධ වන්න.
(මුද්රණ සහ බෙදාහැරීමේ සේවා ගාස්තු අය කෙරේ)
WhatsApp හරහා අයදුම්පත ඇනවුම් කරන්න02. ප්රාථමික අර්ධ ශිල්පීය සේවා ගණය (III ශ්රේණිය) [PL-02]
| සාමාන්ය සුදුසුකම් |
අධ්යාපන: අ.පො.ස. (සා.පෙළ) දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්මාන 02ක් සහිතව විෂයයන් 06ක් සමත් වීම. වෘත්තීය: TVEC විසින් පිළිගත් NVQ Level 2 අවම මට්ටමේ නිපුණතාවයක් ලබා තිබීම. |
|---|---|
| හස්ති භාරකරු (විශේෂ) |
අධ්යාපන: 8 ශ්රේණිය සමත් වීම. වෘත්තීය: ප්රායෝගික පරීක්ෂණයක් මඟින් තක්සේරු කෙරේ. |
| වයස් සීමාව | අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුය. |
| වැටුප් පරිමාණය |
රු. 41,800 - 10×490 - 10×540 - 10×590 - 12×630 - රු. 65,560/- (2027.01.01 සිට රාජ්ය පරිපාලන චක්රලේඛ අංක 10/2025 අනුව අදාළ වේ.) |
| බඳවා ගැනීමේ ක්රමය | ප්රායෝගික හා ව්යුහගත සම්මුඛ පරීක්ෂණයක් මඟින්. |
සේවා කොන්දේසි හා සාමාන්ය සුදුසුකම්
- සේවා ස්වභාවය: පත්වීම ස්ථිර හා විශ්රාම වැටුප් සහිත වේ. වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්රාම වැටුප් (W&OP) ක්රමයට දායක විය යුතුය.
- පරිවාස කාලය: පත්වීම භාරගත් දින සිට වසර 03ක පරිවාස කාලයකට යටත් වන අතර කාර්යක්ෂමතා කඩඉම් විභාග සමත් විය යුතුය.
- භාෂා ප්රවීණතාවය: රාජ්ය පරිපාලන චක්රලේඛ අංක 18/2020 අනුව අනෙක් රාජ්ය භාෂා ප්රවීණතාව ලබාගත යුතුය.
- ශාරීරික යෝග්යතාව: දිවයිනේ ඕනෑම ප්රදේශයක සේවය කිරීමට අවශ්ය කායික හා මානසික යෝග්යතාව සහ විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය.
අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන
- උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක්
- ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්රයේ සහතික කළ පිටපතක්
- අධ්යාපන සහතිකවල සහතික කළ පිටපත් [අ.පො.ස. (සා.පෙළ) / (උ.පෙළ)]
- ග්රාම නිලධාරී සහතිකය (DS 04 ආකෘතිය)
- ට්රැක්ටර් ක්රියාකරු / යන්ත්ර ක්රියාකරු (බැකෝ) / රිය සහයක තනතුරු සඳහා වලංගු රියදුරු බලපත්රයේ සහතික කළ පිටපතක්
විශේෂ අවධානයට:
සාවද්ය තොරතුරු ඉදිරිපත් කරන අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණයේ ඕනෑම අවස්ථාවකදී හෝ පත්වීම් ලැබීමෙන් පසුව වුවද සේවයෙන් පහ කිරීමට යටත් කෙරේ. තනතුරු කිහිපයක් සඳහා ඉල්ලුම් කරන්නේ නම් ඒ ඒ තනතුර සඳහා වෙන වෙනම අයදුම්පත් එවිය යුතුය.
අයදුම්පත් යොමු කළ යුතු ආකාරය
නියමිත ආකෘතිය අනුව සකස් කරන ලද අයදුම්පත සහතිකවල පිටපත් සමඟ ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය. ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි අයදුම් කරන තනතුර පැහැදිලිව සඳහන් කරන්න. (උදා: "සත්ත්ව භාරකරු III ශ්රේණිය සඳහා අයදුම්පත")
අධ්යක්ෂ ජනරාල්,
ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුව,
අනගාරික ධර්මපාල මාවත, දෙහිවල.
