Sri Lanka Emblem අලුත්ම රජයේ රැකියා තොරතුරු දිනපතා ලබාගන්න!

ගැසට් පත්‍ර සහ නවතම රැකියා ඇබෑර්තු නිකුත් වූ සැනින් දැනගැනීමට අපගේ නිල WhatsApp Channel එකට එක්වන්න.

👉 Join Our WhatsApp Channel

බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය කාර්ය සහායක පුරප්පාඩු 88ක් – Health Work Assistant Vacancies 2026

Health Work Assistant Western Province Vacancies 2026
රජයේ රැකියා බස්නාහිර පළාත අවසන් දිනය: 2026.11.06

බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය කාර්ය සහායක (කනිෂ්ඨ) පුරප්පාඩු 88ක් සඳහා අයදුම්පත් කැඳවීම – 2026

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල ස්ථිර සේවය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

තනතුර
සෞඛ්‍ය කාර්ය සහායක (කනිෂ්ඨ) - III ශ්‍රේණිය
පුරප්පාඩු සංඛ්‍යාව
88 ක්
අවම සුදුසුකම
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (G.C.E. O/L) විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනක දී යටත් පිරිසෙයින් සම්මාන දෙකක් (Credit passes 02) ඇතුළුව විෂයන් හයක් (06) සමත් වී තිබීම
සේවා ස්වභාවය
ස්ථිර සහ විශ්‍රාම වැටුප් සහිතයි

මෙම රැකියාවට අදාළ රැකියා ආදර්ශ අයදුම්පත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට WhatsApp හරහා සම්බන්ධ වන්න.

(මුද්‍රණ සහ බෙදාහැරීමේ සේවා ගාස්තු අය කෙරේ)

WhatsApp හරහා අයදුම්පත ඇනවුම් කරන්න

📌 රැකියාවේ මූලික තොරතුරු

  • ✔ තනතුර: සෞඛ්‍ය කාර්ය සහායක (කනිෂ්ඨ) - III ශ්‍රේණිය
  • ✔ සේවා ගණය: ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය (PL-01-2006)
  • ✔ සේවා ස්ථානය: බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති රෝහල් සහ සෞඛ්‍ය ආයතන
  • ✔ සේවා ස්වභාවය: ස්ථිර සහ විශ්‍රාම වැටුප් සහිතයි (වසර 03ක පරිවාස කාලයකට යටත්ව)

🎓 අවශ්‍ය සුදුසුකම්

  • ✔ අධ්‍යාපන සුදුසුකම්: අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (G.C.E. O/L) විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනක දී යටත් පිරිසෙයින් සම්මාන දෙකක් (Credit passes 02) ඇතුළුව විෂයන් හයක් (06) සමත් වී තිබීම
  • ✔ පදිංචිය: අයදුම්පත් කැඳවන අවසන් දිනට පූර්වාසන්න වසර 03ක් අඛණ්ඩව බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතු අතර, එය ග්‍රාම නිලධාරී සහතිකය මඟින් තහවුරු කළ යුතුය.
  • ✔ සාමාන්‍ය සුදුසුකම්: ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතු අතර විශිෂ්ට චරිතයකින් සහ රාජකාරිය සඳහා සුදුසු ශාරීරික සහ මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය.

💰 වැටුප් පරිමාණය සහ වයස් සීමාව

  • ✔ වයස් සීමාව: 2026 නොවැම්බර් මස 06 දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුය.
  • ✔ වැටුප් ක්‍රමය: රු. 40,000 - 10x450 - 10x490 - 10x540 - 12x590 - රු. 61,880 (PL 1-2006 A)
  • ✔ ආරම්භක මාසික වැටුප: රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 උපලේඛන II අනුව රු. 38,863/- කි.

📝 තෝරා ගැනීමේ ක්‍රමය

මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් පසු ලකුණු 100ක් යටතේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වේ:

ඇගයීම් ක්ෂේත්‍රය උපරිම ලකුණු
අතිරේක අධ්‍යාපන සුදුසුකම් 20
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ තෘප්තිය (සාමාන්‍ය දැනීම / දක්ෂතා / පළපුරුද්ද) 75
පෞරුෂත්වය 05
එකතුව 100

* බඳවා ගැනීම සඳහා සුදුසුකම් ලැබීමට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයෙන් අවම වශයෙන් 40%ක ලකුණු ප්‍රතිශතයක් ලබාගත යුතුය.

✉️ අයදුම්පත් යොමු කළ යුතු ආකාරය

  • ✔ දැන්වීමට අමුණා ඇති ආකෘතියට අනුව A4 ප්‍රමාණයේ කඩදාසියක සකස් කළ අයදුම්පත සම්පූර්ණ කරන්න.
  • ✔ අයදුම්පත සමඟ උප්පැන්න, අධ්‍යාපන සහ පදිංචිය තහවුරු කිරීමේ සහතිකවල පිටපත් අමුණන්න.
  • ✔ ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ "සෞඛ්‍ය කාර්ය සහායක (කනිෂ්ඨ) තනතුර සඳහා බඳවා ගැනීම 2026" යනුවෙන් සඳහන් කරන්න.
  • ✔ සම්පූර්ණ කරන ලද අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට යොමු කරන්න.
යොමු කළ යුතු ලිපිනය:
ලේකම්,
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස සහ ළමා රක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යාංශය - බස්නාහිර පළාත,
8 වන මහල, බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල,
අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.
⏳ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 නොවැම්බර් මස 06 වන දින
* අවසන් දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.