රජයේ රැකියා ඇබෑර්තු
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඖෂධ සංයෝජක (Dispenser) III ශ්රේණියට බඳවා ගැනීම - 2026
ශ්රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩ - 2 සේවා ගණයට අයත් ඖෂධ සංයෝජක (කාන්තා/පිරිමි) III ශ්රේණිය සඳහා විවෘත තරග විභාගය මඟින් බඳවා ගැනීමට සුදුසුකම්ලත් ශ්රී ලාංකිකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
මූලික තොරතුරු සාරාංශය
ආයතනය
ශ්රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව (අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශය)
තනතුර
ඖෂධ සංයෝජක (Dispenser) - III ශ්රේණිය
සේවා ස්වභාවය
ස්ථිර සහ විශ්රාම වැටුප් සහිතයි (වසර 3ක පරිවාස කාලයක්)
අයදුම් කළ හැකි අය
කාන්තා / පිරිමි දෙපාර්ශවයටම
මාසික වැටුප් පරිමාණය
ආරම්භක මූලික වැටුප: රු. 50,630/-
වැටුප් ඛණ්ඩය: MT-2-2025 (රාජ්ය පරිපාලන චක්රලේඛ අංක 10/2025)
වැටුප් පරිමාණය: රු. 50,630 - 10x630 - 11x670 - 10x1,010 - 10x1,190 - රු. 86,300/-
මෙම රැකියාවට අදාළ රැකියා ආදර්ශ අයදුම්පත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට WhatsApp හරහා සම්බන්ධ වන්න.
(මුද්රණ සහ බෙදාහැරීමේ සේවා ගාස්තු අය කෙරේ)
WhatsApp හරහා අයදුම්පත ඇනවුම් කරන්නඅවශ්ය මූලික සුදුසුකම්
- වයස් සීමාව: අයදුම්පත් භාරගන්නා අවසාන දිනට (2026.10.25) අවුරුදු 18ට නොඅඩු සහ 35ට නොවැඩි විය යුතුය. (1991.10.25 සහ 2008.10.25 අතර උපන් අයට අයදුම් කළ හැක)
- අ.පො.ස. (උසස් පෙළ): රසායන විද්යාව (Chemistry) ඇතුළුව විද්යා විෂය ධාරාවේ (Bio හෝ Maths) විෂයන් තුනකින් (03) එකවර සමත් වී තිබීම (සාමාන්ය පොදු පරීක්ෂණය හැර).
- අ.පො.ස. (සාමාන්ය පෙළ): සිංහල හෝ දෙමළ, ඉංග්රීසි භාෂාව, ගණිතය, විද්යාව සහ තවත් එක් විෂයකට සම්මාන (C) සාමාර්ථ සහිතව එකවර විෂයයන් හයකින් (06) සමත් වී තිබීම.
- වෘත්තීය සුදුසුකම්: TVEC මඟින් පිළිගනු ලබන ජාතික වෘත්තීය කුසලතා NVQ Level 6 මට්ටමේ ඖෂධ සංයෝජක පාඨමාලා සහතිකය.
විශේෂ අවස්ථාවක් (NVQ නොමැති අයටත් අයදුම් කළ හැක):
ප්රමාණවත් වෘත්තීය සුදුසුකම් (NVQ 6) සහිත අයදුම්කරුවන් නොමැති වුවහොත්, ඉහත A/L සහ O/L අධ්යාපන සුදුසුකම් සහිත අයදුම්කරුවන් පුහුණු ශ්රේණියට බඳවා ගෙන, සෞඛ්ය අමාත්යාංශය මඟින් පවත්වන වසර 01ක පූර්ණ කාලීන ඖෂධ සංයෝජක පුහුණුව ලබා දී අවසානයේ III ශ්රේණියට පත් කරනු ලැබේ.
ප්රමාණවත් වෘත්තීය සුදුසුකම් (NVQ 6) සහිත අයදුම්කරුවන් නොමැති වුවහොත්, ඉහත A/L සහ O/L අධ්යාපන සුදුසුකම් සහිත අයදුම්කරුවන් පුහුණු ශ්රේණියට බඳවා ගෙන, සෞඛ්ය අමාත්යාංශය මඟින් පවත්වන වසර 01ක පූර්ණ කාලීන ඖෂධ සංයෝජක පුහුණුව ලබා දී අවසානයේ III ශ්රේණියට පත් කරනු ලැබේ.
ශාරීරික යෝග්යතාවය:
| කාණ්ඩය | අවම උස | පපුව (හුස්ම නොගෙන) |
|---|---|---|
| පිරිමි | අඩි 5 අඟල් 4 (162.5 cm) | අඟල් 32 (81.25 cm) |
| කාන්තා | අඩි 5 අඟල් 2 (157.5 cm) | අදාළ නොවේ |
විභාග ක්රමය
විභාගය 2026 දෙසැම්බර් මස කොළඹදී පැවැත්වෙන අතර ප්රශ්න පත්ර 02කින් සමන්විත වේ:
| ප්රශ්න පත්රය | කාලය | මුළු ලකුණු | සමත් ලකුණු |
|---|---|---|---|
| 1. බුද්ධි පරීක්ෂණය (MCQ 50) | පැය 01යි | 100 | 40% |
| 2. විෂයානුබද්ධ සාමාන්ය දැනීම | පැය 01යි | 100 | 40% |
විභාග ගාස්තුව සහ ගෙවීම් විස්තර
විභාග ගාස්තුව: රු. 600.00 කි. දිවයිනේ ඕනෑම ලංකා බැංකු (BOC) ශාඛාවකින් පහත ගිණුමට මුදල් ගෙවා ලදුපත ලබා ගත යුතුය.
ගිණුම් නම: බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ නිල ගිණුම
බැංකුව සහ ශාඛාව: ලංකා බැංකුව (BOC) - බොරැල්ල අධිශ්රේණි ශාඛාව
ගිණුම් අංකය:
අයදුම්පත් යොමු කළ යුතු ආකාරය
- ගැසට් පත්රයේ ආදර්ශ ආකෘතියට අනුව A4 කඩදාසියක පිළියෙළ කරගත් අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කරන්න.
- මුදල් ගෙවූ බැංකු ලදුපතේ එක් දාරයක් අයදුම්පතේ නියමිත ස්ථානයේ අලවන්න.
- ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ "බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඖෂධ සංයෝජක තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2026" යනුවෙන් සඳහන් කරන්න.
- 2026 ඔක්තෝබර් 25 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට යොමු කරන්න.
ලිපිනය:
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්,
ආයතන ශාඛාව, බන්ධනාගාර මූලස්ථානය,
අංක 150, බේස්ලයින් පාර, කොළඹ 09.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්,
ආයතන ශාඛාව, බන්ධනාගාර මූලස්ථානය,
අංක 150, බේස්ලයින් පාර, කොළඹ 09.