ශ්රී ලංකා ගුවන් හමුදාව
ආධුනික බඳවා ගැනීම් සම්මුඛ පරීක්ෂණ - 2026
"සුරකිමු ලක්බර - විශිෂ්ටයකු ලෙස අභිමානයෙන් පෙරට එන්න"
📅
සම්මුඛ පරීක්ෂණ දින
2026 ඔක්තෝබර් 19, 20, 21, 22, 23
📍
ස්ථානය
ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල - ඒකල
මූලික සුදුසුකම්
- පුරවැසිභාවය: ශ්රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
- අධ්යාපනික සුදුසුකම්: සිංහල හෝ දෙමළ භාෂාවට සාමාන්ය සාමාර්ථයක් සහිතව, වාර දෙකකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6 කින් අ.පො.ස. (සා.පෙළ) සමත්ව තිබිය යුතුය. (Pearson Edexcel GCSE හෝ Cambridge International O/L හදාරා ඇති සිංහල/දෙමළ සාමාර්ථය නොමැති අය බඳවාගෙන වසර 5ක් ඇතුළත ලබාගත යුතුය).
- වර්ණ දෘෂ්ටිකත්වය: CP 2
| අංශය | වයස් සීමාව | අවම උස | සිවිල් තත්ත්වය |
|---|---|---|---|
| නිත්ය බලකාය | පිරිමි: අවු. 18 - 23 කාන්තා: අවු. 18 - 22 |
පිරිමි: අඩි 5 අඟල් 3 (159 cm) කාන්තා: අඩි 5 අඟල් 1 (154 cm) |
අවිවාහක |
| ස්වේච්ඡා බලකාය | පිරිමි: අවු. 18 - 28 කාන්තා: අවු. 18 - 26 |
විවාහක / අවිවාහක |
පුරප්පාඩු පවතින වෘත්තීන්
සම්මුඛ පරීක්ෂණයට රැගෙන ආ යුතු සහතිකපත්
(පහත සහතිකපත් වල මුල් පිටපත් සහ පැහැදිලි ඡායා පිටපත් රැගෙන පැමිණෙන්න)
- ජාතික හැඳුනුම්පත
- උප්පැන්න සහතිකය
- අධ්යාපන සහතිකපත්
- ක්රීඩා සහතිකපත්
- වෙනත් කුසලතා සහතිකපත්