| විස්තරය | තොරතුරු |
| තනතුර | ශ්රී ලංකා විදේශ සේවය (Grade III) |
| පුරප්පාඩු සංඛ්යාව | 25 |
| අවම අධ්යාපන සුදුසුකම | UGC පිළිගත් උපාධියක් (Any Degree) |
| වයස් සීමාව | අවුරුදු 22 – 28 (රාජ්ය සේවකයින්ට උපරිම 35) |
| මාසික වැටුප් පරිමාණය | රු. 82,150 – 195,970/- (SL-1-2025) |
| අයදුම් කිරීමේ ක්රමය | Online පමණි (doenets.lk) |
| විභාග ගාස්තුව | රු. 1,200/- |
| අයදුම්පත් භාරගන්නා කාලය | 2026 සැප්තැම්බර් 07 සිට 2026 ඔක්තෝබර් 06 දක්වා |
අවශ්ය මූලික සුදුසුකම්
අධ්යාපනික සුදුසුකම්: විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් පිළිගත් රාජ්ය හෝ විදේශීය විශ්වවිද්යාලයකින් ලබාගත් ඕනෑම විෂය ධාරාවක උපාධියක් සපුරා තිබිය යුතුය.
වයස් සීමාව: 2026 ඔක්තෝබර් 06 දිනට වයස අවුරුදු 22 සම්පූර්ණ විය යුතු අතර අවුරුදු 28 නොඉක්මවිය යුතුය (උපන් දිනය 1998.10.06 සහ 2004.10.06 අතර විය යුතුය). දැනටමත් රාජ්ය සේවයේ ස්ථිරව නියුතු නිලධාරීන් සඳහා උපරිම වයස් සීමාව අවුරුදු 35 කි.
වෙනත් කොන්දේසි: ශ්රී ලංකාවේ පුරවැසියෙකු විය යුතු අතර, පැවිදි පාර්ශවයන්ට මේ සඳහා අයදුම් කිරීමට අවසර නොමැත.
වැටුප් හා සේවා කොන්දේසි
වැටුප් පරිමාණය: රු. 82,150 - 10x2,400 - 8x2,940 - 17x3,900 - රු. 195,970 (SL-1-2025 මාසික වැටුප් කේතය).
සේවා ස්වභාවය: මෙම පත්වීම පූර්ණ ස්ථිර සහ විශ්රාම වැටුප් සහිත වේ.
පරිවාස කාලය: වසර 3ක පරිවාස කාලයකට යටත් වන අතර, එම කාලය තුළ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය (EB Exam) සමත් විය යුතුය.
බඳවා ගැනීමේ ක්රමවේදය සහ විභාගය
බඳවා ගැනීම් සිදු කරනු ලබන්නේ ලිඛිත විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණයකින් ලබාගන්නා මුළු ලකුණු කුසලතා අනුපිළිවෙල අනුවය. විභාගය 2026 නොවැම්බර් මස කොළඹදී සිංහල, දෙමළ සහ ඉංග්රීසි මාධ්යවලින් පැවැත්වේ.
ලිඛිත විභාග ප්රශ්න පත්ර (මුළු ලකුණු 750):
බහුවරණ ප්රශ්න පත්රය (IQ සහ සාමාන්ය දැනීම) – ලකුණු 150
සාමාන්ය ප්රශ්න පත්රය – ලකුණු 100
ලෝක කටයුතු I – ලකුණු 100
ලෝක කටයුතු II – ලකුණු 100
රචනාව – ලකුණු 100
සංක්ෂිප්තය – ලකුණු 50
භාෂා ප්රවීණතාව – ලකුණු 100
විශේෂ සටහන: සියලුම අයදුම්කරුවන් මුලින්ම බහුවරණ ප්රශ්න පත්රයට පෙනී සිටිය යුතුය. එම ප්රශ්න පත්රය සමත් වන අපේක්ෂකයින්ගේ පමණක් ඉතිරි ප්රශ්න පත්ර 6 ඇගයීමට ලක් කෙරේ.
සුදුසුකම් ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය: ලිඛිත විභාගයේ සෑම විෂයයකටම අවම සමත් ලකුණු ලබාගෙන, මුළු ලකුණු 300ක් හෝ ඊට වැඩි ලබාගන්නා අය අතුරින් පුරප්පාඩු මෙන් උපරිම 5 ගුණයක් (ඉහළම ලකුණුලාභීන් 125 දෙනෙකු) ලකුණු 100ක සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ.
අයදුම් කරන්නේ කෙසේද?
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන doenets.lk හෝ onlineexams.gov.lk/eic වෙත පිවිසෙන්න.
අදාළ විභාගය තෝරා ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කරන්න
