අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රැකියා ඇබෑර්තු - 2026
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිවාස පාලක (ශ්රේණිය III) තනතුර සඳහා සුදුසුකම්ලත් ශ්රී ලාංකිකයින්ගෙන් විවෘත තරග විභාගය පදනම් කරගනිමින් අයදුම්පත් කැඳවනු ලැබේ.
ආයතනය
අපනයන කෘෂිකර්ම
තනතුර
නිවාස පාලක (III)
වයස් සීමාව
අවු. 18 - 30
අවසන් දිනය
2026.09.28
තනතුර පිළිබඳ මූලික තොරතුරු
- තනතුර: නිවාස පාලක (ශ්රේණිය III)
- ආයතනය: අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
- සේවා ඛණ්ඩය: කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 02
- වයස් සීමාව: 2026.09.28 දිනට අවුරුදු 18 ත් 30 ත් අතර විය යුතුය (1996.09.28 – 2008.09.28 අතර උපත ලබා තිබිය යුතුය).
අධ්යාපනික සුදුසුකම්
- අ.පො.ස. (සාමාන්ය පෙළ): සිංහල/දෙමළ, ඉංග්රීසි, ගණිතය සහ තවත් විෂයන් 3ක් ඇතුළුව එකවර විෂයන් 06ක් සම්මාන (C) සහිතව සමත් වීම.
- අ.පො.ස. (උසස් පෙළ): අවම වශයෙන් එක් (01) විෂයක් සමත් වී තිබීම.
වැටුප් හා හිමිකම්
වැටුප් කේතය: MN-1-2025
වැටුප් පරිමාණය:
රු. 45,230 - 10x540 - 11x630 - 10x890 - 10x1,190 - රු. 78,360/-
අයදුම් කරන ආකාරය
- ගැසට් නිවේදනයේ ඇති ආකෘතියට අනුව A4 කඩදාසියක සකස් කළ අයදුම්පත සම්පූර්ණ කරන්න.
- ලිපි කවරයේ ඉහළ වම් කෙළවරේ: "නිවාස පාලක තනතුර සඳහා වන විවෘත තරග විභාගය - 2026" ලෙස පැහැදිලිව සඳහන් කළ යුතුය.
- අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026 සැප්තැම්බර් 28
📄 නිල ගැසට් පත්රය සහ ආදර්ශ අයදුම්පත
(වැඩිදුර තොරතුරු සහ ආදර්ශ අයදුම්පත් ආකෘතිය පහතින් බාගත කරගන්න)
📥 Download Application Form (PDF)