Sri Lanka Emblem අලුත්ම රජයේ රැකියා තොරතුරු දිනපතා ලබාගන්න!

ගැසට් පත්‍ර සහ නවතම රැකියා ඇබෑර්තු නිකුත් වූ සැනින් දැනගැනීමට අපගේ නිල WhatsApp Channel එකට එක්වන්න.

👉 Join Our WhatsApp Channel

රියදුරු ඇබෑර්තු 46 ක් | අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව - වැටුප රු. 67,040 දක්වා

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රියදුරු ඇබෑර්තු 2026 - CIABOC Driver Vacancies

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 26(1) වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රාථමික සේවා මට්ටම (ශිල්පීය) රියදුරු III ශ්‍රේණියෙහි තනතුරු පුරප්පාඩු 46 සඳහා විවෘත පදනමින් බඳවා ගැනීමට සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකික පුරවැසියන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.

පුරප්පාඩු සංඛ්‍යාව 46 කි
වයස් සීමාව අවු. 25 - 45
ආරම්භක වැටුප රු. 43,280/-
අවසන් දිනය 2026.10.16

බඳවා ගැනීමට අවශ්‍ය සුදුසුකම්

  • අධ්‍යාපන සුදුසුකම් : අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍‍ය පෙළ (G.C.E. O/L) විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී සිංහල හෝ දෙමළ භාෂාව ඇතුළුව සම්මාන (C) 2ක් සහිතව විෂයයන් 6ක් සමත් වීම.
  • වෘත්තීය සුදුසුකම් : බර වාහන පැදවීම පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කළ වලංගු මෝටර් රථ පැදවීමේ බලපත්‍රයක් ලබා තිබීම.
  • පළපුරුද්ද : වාහන රියදුරෙකු වශයෙන් වසර 3 ක පළපුරුද්දක් (ඛණ්ඩ/අඛණ්ඩ) තිබිය යුතුය. (පළපුරුද්ද සහතික මඟින් සනාථ කළ යුතුය.)
  • කායික සුදුසුකම් : ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය. දිවා හා රාත්‍රී කාලයේදී මනා ඇස් පෙනීමක් තිබිය යුතු අතර (වෛද්‍ය සහතිකයකින් සනාථ කළ යුතුය) උස අවම වශයෙන් අඩි 5ක් විය යුතුය.
  • වෙනත් සුදුසුකම් :
    • ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
    • විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය.
    • අයදුම්පත් කැඳවීමේ අවසන් දිනට සියලු සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතුය.

වැටුප් පරිමාණය

රු. 43,280 - 10x490 - 10x540 - 10x590 - 12x630 - රු. 67,040/-

වැටුප් කේතය: AC-PL-3-2025. ආරම්භක වැටුප රු. 43,280/- වේ. මීට අමතරව අනුමත අනෙකුත් දීමනාද හිමිවේ. (2027.01.01 දිනට පෙර බඳවා ගතහොත් උපලේඛන II අනුව ආරම්භක වැටුප රු. 40,834/- වේ).

බඳවා ගැනීමේ ක්‍රමය

100% විවෘත පදනමින් බඳවා ගැනේ. තේරීම් ක්‍රියාවලිය ප්‍රධාන අදියර දෙකකින් සමන්විත වේ:

1. වෘත්තීය පරීක්ෂණය (Professional Test):

ප්‍රධාන විෂය උපරිම ලකුණු අවම සමත් ලකුණු
රිය පැදවීමේ නිපුණතාවය 40 20
මහා මාර්ග නීති පිළිබඳ ප්‍රායෝගික දැනුම 40 20
මෝටර් යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ මූලික දැනුම 20 10

2. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය (Structured Interview):

ලකුණු ලබාදෙන ප්‍රධාන ශීර්ෂ උපරිම ලකුණු අවම ලකුණු
අතිරේක අධ්‍යාපන සුදුසුකම් 20 60
අතිරේක සේවා පළපුරුද්ද 15
වෙනත් භාෂා ප්‍රවීණතාවය 10
විෂයානුබද්ධ දැනුම 25
සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතාවය 30
මුළු ලකුණු 100 -
සැලකිය යුතුයි: වෘත්තීය පරීක්ෂණයේදී ලකුණු 50ට වඩා ලබාගත් අයදුම්කරුවන් පමණක් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ.

අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ආකාරය

  • අයදුම්පත් 2026 ඔක්තෝම්බර් මස 16 දින හෝ එදිනට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
  • ලිපිනය:
    අධ්‍යක්ෂ ජනරාල්,
    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,
    තැ.පෙ. 1431, 36, මලලසේකර මාවත, කොළඹ 07.
  • ලිපි කවරයේ ඉහළ වම් කෙළවරේ “රියදුරු තනතුරේ III ශ්‍රේණියට බඳවා ගැනීම” යනුවෙන් පැහැදිලිව සඳහන් කළ යුතුය.
  • අයදුම්පත A4 ප්‍රමාණයේ කඩදාසියක ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.
  • අමුණා එවිය යුතු ලේඛනවල සහතික කළ ඡායා පිටපත්:
    • ජාතික හැඳුනුම්පතේ පිටපතක්
    • උප්පැන්න සහතිකයේ පිටපතක්
    • අධ්‍යාපන සහතික පිටපත් (O/L)
    • වලංගු බර වාහන රියදුරු බලපත්‍රයේ පිටපතක්
    • වසර 3 ක පළපුරුද්ද සනාථ කරන සේවා සහතික
    • මසක් ඇතුළත ලබාගත් වෛද්‍ය සහතිකය
    • මෑතකදී ලබාගත් චරිත සහතික 2ක්

මෙම රැකියාවට අදාළ අයදුම්පත නිවසටම ගෙන්වා ගන්න

(මුද්‍රිත ආදර්ශ අයදුම්පත්‍රය ඔබගේ ලිපිනයටම තැපැල් මඟින් ලබාගත හැක)

* මුද්‍රණ ගාස්තු (Printing Cost) සහ බෙදාහැරීමේ ගාස්තු (Delivery Charges) අය කෙරේ.

💬 WhatsApp හරහා අයදුම්පත ඇනවුම් කරන්න