Sri Lanka Emblem අලුත්ම රජයේ රැකියා තොරතුරු දිනපතා ලබාගන්න!

ගැසට් පත්‍ර සහ නවතම රැකියා ඇබෑර්තු නිකුත් වූ සැනින් දැනගැනීමට අපගේ නිල WhatsApp Channel එකට එක්වන්න.

👉 Join Our WhatsApp Channel

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර පුරප්පාඩු - 2026 - වැටුප 78,360 Department of National Museums Recruitment – Management Assistant


ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර පුරප්පාඩු - 2026




ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර පුරප්පාඩු - 2026


බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන - ඛණ්ඩ 2 (MN-1-2025) සේවා ගණයේ පුරප්පාඩු සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.


විස්තරයඅදාළ තොරතුරු
ආයතනයජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
අමාත්‍යාංශයබුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
සේවා ගණයකළමනාකරණ සහකාර තාක්ෂණික නොවන - ඛණ්ඩ 2
වැටුප් පරිමාණයරු. 45,230 - 78,360 (MN-1-2025)
වයස් සීමාවඅවුරුදු 18 - 30 (2026.09.30 දිනට)
සේවා කොන්දේසිස්ථිර සහ විශ්‍රාම වැටුප් සහිතයි (වසර 3ක පරිවාස කාලයක් සහිතව)
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය2026 සැප්තැම්බර් 30

පුරප්පාඩු පවතින තනතුරු


  • චර්ම ශිල්පී: පුරප්පාඩු 01


  • පිළිගැනීමේ නිලධාරි: පුරප්පාඩු 02


  • ආරක්ෂක කැමරා නිරීක්ෂක: පුරප්පාඩු 01


අවශ්‍ය සුදුසුකම්


1. චර්ම ශිල්පී

  • අධ්‍යාපන සුදුසුකම්:

    • අ.පො.ස. (සා/පෙළ) විභාගයේදී සිංහල/දෙමළ/ඉංග්‍රීසි, ගණිතය සහ තවත් විෂයයන් දෙකකට සම්මාන (C) සාමාර්ථ සහිතව එකවර විෂයයන් හයකින් (06) සමත් වීම.


    • අ.පො.ස. (උ/පෙළ) විභාගයේදී ජීව විද්‍යා විෂය ධාරාවෙන් අවම වශයෙන් විෂයයන් දෙකකින් (02) සමත් වීම.

  • වෘත්තීය සුදුසුකම්: තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය හෝ පාරිසරිකයෝ වැනි පිළිගත් සංගමයක සත්ත්ව විද්‍යාවට අදාළ වැඩමුළුවකට සහභාගි වී සහතිකපත්‍රයක් ලබා තිබීම.


  • පළපුරුද්ද: අදාළ ක්ෂේත්‍රයේ වසර 01 ක පළපුරුද්ද

  • .

2. පිළිගැනීමේ නිලධාරි

  • අධ්‍යාපන සුදුසුකම්:

    • අ.පො.ස. (සා/පෙළ) විභාගයේදී සිංහල/දෙමළ/ඉංග්‍රීසි, ගණිතය සහ තවත් විෂයයන් දෙකකට සම්මාන (C) සාමාර්ථ සහිතව එකවර විෂයයන් හයකින් (06) සමත් වීම.

    • අ.පො.ස. (උ/පෙළ) විභාගයේදී ඕනෑම විෂය ධාරාවකින් අවම වශයෙන් විෂයයන් දෙකකින් (02) සමත් වීම.


  • වෘත්තීය සුදුසුකම්: රජය පිළිගත් ආයතනයකින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මාස 06 කට නොඅඩු ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා සාර්ථකව නිම කර තිබීම.


  • පළපුරුද්ද: අදාළ ක්ෂේත්‍රයේ වසර 01 ක පළපුරුද්ද.


3. ආරක්ෂක කැමරා නිරීක්ෂක

  • අධ්‍යාපන සුදුසුකම්:

    • අ.පො.ස. (සා/පෙළ) විභාගයේදී සිංහල/දෙමළ/ඉංග්‍රීසි, ගණිතය සහ තවත් විෂයයන් දෙකකට සම්මාන (C) සාමාර්ථ සහිතව එකවර විෂයයන් හයකින් (06) සමත් වීම.


    • අ.පො.ස. (උ/පෙළ) විභාගයේදී ඕනෑම විෂය ධාරාවකින් අවම වශයෙන් විෂයයන් දෙකකින් (02) සමත් වීම.

  • වෘත්තීය සුදුසුකම්: රජය පිළිගත් ආයතනයකින් පරිගණක සාක්ෂරතාව පිළිබඳ මාස 06 කට නොඅඩු ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා සාර්ථකව නිම කර තිබීම. 

  • පළපුරුද්ද: අදාළ ක්ෂේත්‍රයේ වසර 01 ක පළපුරුද්ද.

බඳවා ගැනීමේ ක්‍රමවේදය



බඳවා ගැනීම් සිදු කරනු ලබන්නේ ලිඛිත විභාගයක් සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක් මඟිනි.

  • ලිඛිත විභාගය:

    • අභියෝග්‍යතාවය: කාලය පැය 01 යි (ලකුණු 100 - සමත් වීමට 50% ක් අවශ්‍ය වේ). බහුවරණ හෝ කෙටි පිළිතුරු ප්‍රශ්න 30 කින් සමන්විත වේ.


    • සාමාන්‍ය දැනීම: කාලය පැය 01 යි (ලකුණු 100 - සමත් වීමට 50% ක් අවශ්‍ය වේ). සමාජ, ආර්ථික, දේශීය තොරතුරු සහ අමාත්‍යාංශ වැඩසටහන් පිළිබඳ බහුවරණ ප්‍රශ්න පත්‍රයකි.



  • සම්මුඛ පරීක්ෂණය: විභාගයෙන් ඉහළ ලකුණු ලබන අයදුම්කරුවන් කුසලතා අනුපිළිවෙල අනුව පුරප්පාඩු සංඛ්‍යාවට සමාන ප්‍රමාණයක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ. මෙහිදී ලකුණු ලබාදීමක් සිදු නොවන අතර සුදුසුකම් සත්‍යාපනය පමණක් සිදු කෙරේ.

අයදුම්පත් යොමු කළ යුතු ආකාරය


  • ගැසට් පත්‍රයේ පළ කර ඇති ආදර්ශ අයදුම්පත අනුව A4 ප්‍රමාණයේ කඩදාසිවල දෙපැත්තම භාවිත කරමින් අයදුම්පත්‍රය සකස් කරගත යුතුය.

  • අධ්‍යාපන සහ අනෙකුත් සහතිකවල සහතික කළ පිටපත් අයදුම්පත සමඟ අමුණා එවිය යුතුය.


  • අයදුම්පතේ ඔබගේ අත්සන රජයේ පාසලක විදුහල්පතිවරයෙකු, සාමදාන විනිශ්චයකාරවරයෙකු හෝ රජයේ ගැසට් කළ නිලධාරියෙකු ලවා නිල මුද්‍රාව සහිතව සහතික කරවා ගත යුතුය.


  • අයදුම්පත් බහාලන කවරයේ ඉහළ වම්පස කෙළවරේ "ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන - ඛණ්ඩ 2 සේවා ගණයේ ................. තනතුරට බඳවා ගැනීම - 2026" යනුවෙන් පැහැදිලිව සඳහන් කළ යුතුය.


අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය:

අධ්‍යක්ෂ ජනරාල්,

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව,

අංක 53, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,

කොළඹ 07.

සියලුම අයදුම්පත් 2026 සැප්තැම්බර් මස 30 වන දිනට හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් පමණක් යොමු කළ යුතුය