මහනුවර මහා නගර සභාවේ මහජනාධාර දෙපාර්තමේන්තුව යටතේ ක්රියාත්මක වන ඉංග්රීසි මාධ්ය පෙර පාසල් ව්යාපෘතිය සඳහා ප්රධාන සහ සහායක පෙර පාසල් ගුරු තනතුරු සඳහා සුදුසුකම්ලත් ශ්රී ලාංකික කාන්තා අයදුම්කාරියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
| විස්තරය | තොරතුරු |
| ආයතනය | මහනුවර මහා නගර සභාව |
| දෙපාර්තමේන්තුව | මහජනාධාර දෙපාර්තමේන්තුව |
| තනතුරු | ප්රධාන පෙර පාසල් ගුරු / සහායක පෙර පාසල් ගුරු |
| සේවා පදනම | වසරක කොන්ත්රාත් පදනම (සේවා ප්රගතිය මත දීර්ඝ කෙරේ) |
| පුරප්පාඩු සංඛ්යාව | 04 (පාසල් දෙක සඳහා) |
| මාසික දීමනාව | රු. 30,000/- සිට රු. 37,000/- දක්වා |
| සුදුසුකම් සීමාව | කාන්තා අයදුම්කරුවන් පමණි |
| අයදුම්පත් භාරගන්නා අවසන් දිනය | 2026 ඔක්තෝබර් 02 |
තනතුරු සහ මාසික දීමනා විස්තර
ප්රධාන පෙර පාසල් ගුරු (තනතුරු 02)
මාසික දීමනාව: රු. 37,000/-
සහායක පෙර පාසල් ගුරු (තනතුරු 02)
මාසික දීමනාව: රු. 30,000/-
අවශ්ය මූලික සුදුසුකම්
වයස: අයදුම්පත් භාරගන්නා අවසන් දිනට (2026.10.02) වයස අවුරුදු 18ට නොඅඩු සහ 30ට නොවැඩි විය යුතුය.
අධ්යාපන සුදුසුකම්:
සිංහල හෝ දෙමළ, ඉංග්රීසි භාෂාව, ගණිතය ඇතුළුව තවත් විෂයයන් දෙකකට සම්මාන සාමාර්ථ (C) සහිතව එකවර විෂයයන් 06කින් අ.පො.ස. (සා.පෙළ) සමත්ව තිබීම.
අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් අවම වශයෙන් එක් විෂයකින් සමත්ව තිබීම (සාමාන්ය පොදු පරීක්ෂණය හා ඉංග්රීසි විෂය හැර).
(චිත්ර, සංගීතය, නැටුම් වැනි සෞන්දර්ය විෂයයන්ගෙන් සමත්ව තිබීම විශේෂ සැලකිල්ලට ගැනේ.)
වෘත්තීය සුදුසුකම්:
විවෘත විශ්වවිද්යාලය, ළමා ලේකම් කාර්යාලය, මධ්යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකය හෝ TVEC අනුමත ආයතනයකින් ලබාගත් අවම වශයෙන් වසරක කාලසීමාවක් සහිත පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාවක් සපුරා තිබීම.
විශේෂ සුදුසුකම්:
මධ්යම පළාත තුළ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුය.
ඉංග්රීසි භාෂාව පිළිබඳ ඉහළ ඩිප්ලෝමාවක් සහ චතුර ලෙස හැසිරවීමේ හැකියාව තිබීම විශේෂ සුදුසුකමකි.
දෙමළ හෝ වෙනත් භාෂා පිළිබඳ දැනුම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
අයදුම්පත් යොමු කළ යුතු ආකාරය
නිවේදනයේ දැක්වෙන ආදර්ශ අයදුම්පතට අනුව සකස් කළ අයදුම්පත සම්පූර්ණ කර, අදාළ සහතිකපත්වල පිටපත් සමඟ 2026 ඔක්තෝබර් 02 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන සේ යොමු කළ යුතුය.
අයදුම්පත් එවිය යුතු ලිපිනය:
නාගරික කොමසාරිස්,
මහනුවර මහා නගර සභාව,
මහනුවර.
විශේෂ සටහන: අයදුම්පත් බහාලන ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ තමන් අයදුම් කරන තනතුර පැහැදිලිව සඳහන් කළ යුතුය. ආදර්ශ අයදුම්පත්රය සහ වැඩිදුර තොරතුරු Offical Website www.kandy.mc.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබාගත හැක.

.jpeg)

.jpeg)
